බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි… අවුරුදු පහෙන් හැමෝගේම සෙල්ලම් ඉවර කරනවා…! – නි. ඇමති ටී.බී. සරත්…

March 23, 2025 at 9:54 am | by emanisa.lk

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සංස්කෘතිය ඉදිරි වසර පහ තුළ සම්පූර්ණයෙන්ම නවත්වන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ බලය ගත්තේ නැවත අත්පත් කරලා දෙන්න නෙවෙයි. අපේ රටේ ම්ලේච්ඡ සංස්කෘතියක් නිර්මාණය වෙමින් යනවා පාතාල ලෝකය කියලා. රටේ අපරාධ නවත්වනවා, රටේ කුඩු සෙල්ලම නවත්වනවා. දවස පතා මිනී මරණ අපරාධ සංස්කෘතිය නවත්වනවා.

අපි බලමු අවුරුදු පහක් යනකොට සෙල්ලම් දාන ඔක්කොගෙම සෙල්ලම් කොහොමද නවත්වන්නෙ කියලා. පොලිස්පති අපරාධකාරයෙක්, ඒ පොලිස්පති අල්ලගත්තෙ නෑ කියලා මෙතන අපට බනිනවා. දවස් 20න් බාරවුණු එක ලොකු දෙයක්. මිනිහා පොලිස්පති, මිනිහා දන්නවානෙ හැංගෙන්න. එයා හැංගුණාම අල්ලන්න අමාරුයි තමා ඉතින්.”

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මේ බව පැවසුවේ ඊයේ (22) පැවති උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *