බරපතළ වංචාවකින් රජයට පාඩු කරලා…. ජොන්ස්ටන් පවුලම අත්අඩංගුවට…!

January 5, 2026 at 6:43 pm | by emanisa.lk

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුවය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිමල් පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අනුව පසුගිය 31 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරිණි.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *