බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බන්ධනාගාර ඉහළ අධිකාරිය වෙත යොමු කර තිබේ.
එම ආරංචි මාර්ග තවදුරත් සඳහන් කළේ, මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර දින කිහිපයක් ගතව ඇතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයේ සිදුවූ වෙනස්කම් නිසා ඊට අනුමැතිය දීම හෝ නොදීම පමා වී ඇති බව ය.
නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නුදුරේදී ම පත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගාමිණි බී. දිසානායක 2023.12.08 දින සිට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේ ය.