බන්ධනාගාර පිරුණේ රාජපක්ෂලා රටට කළ අපරාධය නිසායි…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

July 22, 2026 at 10:59 am | by emanisa.lk

මේ රටේ බන්ධනාගාර පිරී ඇත්තේ තමන් නිසා නොව මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල් මේ රටට සිදුකළ විනාශය නිසා බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ඔවුන් මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත්කළ නිසා තමන් බලයට එන විට 27 000ක් වූ බන්ධනාගාර රැඳවියන් 40 000 දක්වා ඉහළ ගොස් ඇති බවටද නි. ඇමතිවරයා චෝදනා කරයි.

දේශපාලන ගැතිභාවයෙන් මිදිය නොහැකි සුළු පිරිසක් නාමල් පසුපස ගියද රාජපක්ෂ පවුල මේ රටට සිදුකළ විනාශය බහුතර ජනතාව අවබෝධ කරගෙන ඇති බවද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *