බන්දුලත් දේශපාලන පිටියට සමුදෙයි.. සිනමාවෙන් නැවත ජනතාව අතරට…!

October 4, 2024 at 3:05 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තමන් වසර විස්සකට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කළ හැකි උපරිම සේවය ජනතාවට කළ බවත් හෙතෙම සඳහන් කරයි.

හෝමාගම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදුකළ බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *