බදු සහනය ගන්න කැපවුණු මහින්ද සමරසිංහට විශේෂයෙන් ස්තූතියි…! – මුදල් අමාත්‍යංශ ලේකම්…..

August 2, 2025 at 4:55 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට පනවන ලද ඇමරිකානු බදු අඩු කර ගැනීමට සිදුකළ සාකච්ඡා සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහට විශේෂයෙන් ස්තූතිවන්ත බව මුදල් අමාත්‍යංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

දෙරට නියෝජිතයන් අතර සිදු වූ සාකච්ඡා කළමනාකරණය කරමින් ඉතාම අපහසු අවස්ථාවල අවශ්‍ය පිරිස් සම්බන්ධීකරණය කරමින් ඔහු කටයුතු කළ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

රටවල් ගණනක් ඇමරිකානු පාර්ශ්වයේ කණ්ඩායම සමග සාකච්ඡා බලාපොරොත්තුවෙන් සිටින පසුබිමක ලංකාවට අවස්ථාව ලබා දීමට කටයුතු කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වන බව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.

මාධ්‍ය සාකච්ඡාවක් සමග එකතු වෙමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *