අර්තාපල් සහ ළූණු සඳහා බද්ද පනවන බවට වූ තොරතුර එම බද්ද පැනවීමට පෙර තමන්ට කීකරු ව්‍යාපාරිකයන්ට රජය විසින් ලබා දී ඇතැයි සමගි ජන බලවේග දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු, හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක පවසයි.
කොළඹ සජබ කාර්යාලයේදී (28) පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව අනාවරණය කළේය.
මේ හේතුවෙන් බදු අය කිරීමට පෙර ආණ්ඩුවට හිතවත් කූට ව්‍යාපාරිකයන් අල සහ ළුණු තොගයක් ලංකාවට ගෙනැවිත් අවසන් බවත් ඔහු කීවේය.
පසුගිය දින 10 තුළ ළූණු ටොන් 18,000ක් සහ අර්තාපල් ටොන් 23,000ක් බද්ද අය කිරීමට පෙර ලංකාවට ගෙන්වා ඇති බව දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු සඳහන් කළේ ය.
ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී, පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලය ආර්ථික වශයෙන් ශක්තිමත් කළ කූට ව්‍යාපාරිකයන් වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා වැඩි වේගයකින් වර්තමාන ආණ්ඩුව ආරක්ෂාව සලසමින් සිටින බවටත් ඔහු තව දුරටත් චෝදනා කළේ ය.