බත් කරන එක තුනෙක් දෙකකින් අඩු කරන්න… ඒක කෘෂිකර්මාන්තයටත් උදව්වක්…! – කෘෂිකර්ම ඇමති..

November 12, 2026 at 1:41 pm | by emanisa.lk

රාජ්‍ය සේවකයන්ට බත් කරන ප්‍රමාණය තුනෙන් දෙකක් අඩු කරන ලෙස තමන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

”දැන් සමහර අයට බඩගිනි ඇති. මම නම් දවල්ට කන්නේ නෑ. රාජ්‍ය සේවකයාටත් මම කරන යෝජනාව දැනට කන බත්වලින් 3න් 2ක් අඩුකරන්න. මේවා කිව්වාම බැනුම් අහනවා.

වේල් තුනම කනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩියි. මේ කියන්නේ බත් කන එකම නෙමෙයි. නැත්නම් මේක පාන් පිටි කොන්ත්‍රාත් එකක් කියන්නත් පුළුවන්.

ඒ නිසා කාබෝහයිඩ්‍රේට් ගන්න ප්‍රමාණය අඩුකරන්න. ඒක අපේ කෘෂිකර්මාන්තයටත් වටිනා ජාතික උදව්වක්.”

ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *