නීති විරෝධී මත්පැන් පාලනය සඳහා අඩු මිල නව මත්පැන් බෝතලයක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.
ඒ, ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනතට අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවයි, ජාතික සංඝ සම්මේලනය පෙන්වා දෙන්නේ.
ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි කටයුතු කර ඇති බවට සැකයක් පවතින බව ජාතික සංඝ සම්මේලනය ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇත.