බංගලි අරගලයේ සැප තැපෑලෙන් එයි… මහ පාරේ නඩු අහන බලය හමුදාවට…!

September 19, 2024 at 6:06 pm | by emanisa.lk

බංග්ලා­දේ­ශයේ කොමි­ෂන් ලත් හමුදා නිල­ධා­රීන්ට විනි­සු­රු­වන්ට ව්‍යව­ස්ථා­වෙන් ලබා දී ඇති බල­යට සමාන බල­යක් සහි­තව දින 60ක කාල සීමා­ව­කට රටේ සාමය ස්ථාපිත කිරී­මට හමුදා බලය යෙද­වී­මට එරට අන්ත­ර්වාර රජය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අව­සර දුන් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අන්ත­ර්වාර රජය මේ පිය­වර ගෙන ඇත්තේ ශෙයික් හසී­නාගේ අවාමි ලීග් රජය බිඳ වැටී මාස­ය­කට වැඩි කාල­යක් ගත­වූ­වද එරට තැනින් තැන තව­මත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු­වීම සැල­කි­ල්ලට ගෙන බව ද වාර්තා වේ.

බංග්ලා­දේ­ශයේ රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කර­මින් අන්ත­ර්වාර රජය හමුදා නීතිය ක්‍රියා­ත්මක කිරී­මට බලය ලබා දී ඇත්තේ එරට අප­රාධ නීතිය යටතේ බවත්, ඒ අනුව කොමි­ෂන් ලත් ඕනෑම හමුදා නිල­ධා­රි­ය­කුට යම්කිසි පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට සහ සිර­ගත කිරී­මට අව­සර ඇති අතර, ආත්මා­ර­ක්ෂාව පිණිස වෙඩි තැබී­මට ද හැකි­යාව පව­තින බව වාර්තා වේ. බංග්ලා­දේ­ශයේ හමු­දා­වට මෙවැනි බල­යක් රජ­යෙන් ලබා­දුන් පළමු අව­ස්ථාව මෙය බව ද වාර්තා වේ.

බංග්ලා­දේශ පොලි­සිය මෙතෙක් එරට සාමය හා නීතිය ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කර නැති බවත්, කඩා­ක­ප්පා­ල්කාරී ක්‍රියා ඩකා අග­නු­වර ඇතුළු නගර රැසක සිදු­වන බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *