බංකොලොත් රටක් භාර අරන් මාස හයෙන් ගොවීන් හත්ලක්ෂ අසූදාහකට ලක්ෂය බැගින් වෙන්කළා..! – නි. ඇමති ටී.බී. සරත්…

May 27, 2025 at 10:05 am | by emanisa.lk

තම ආණ්ඩුව බංකොලොත් රටක් භාරගෙන මාස හයක් ගතවන විට ගොවි ජනතාව වෙනුවෙන් පමණක් රුපියල් 78,000,000,000 ක් වෙන්කළ බවත් ඒවායෙහි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“ආණ්ඩුවට බලය දීලා මාස හයක් වෙනවා, ආණ්ඩුව මොකද කරන්නෙ කියලා ලොකු කතාබහක් යනවා. බංකොලොත් වෙලා තිබ්බ රටක බලය අරගෙන මාස හයක් යනකොට ගොවි ජනතාව වෙනුවෙන් වෙන්කරපු මුදල ලක්ෂයේ ගොඩවල් හත් ලක්ෂ අසූදාහක්. ඒවගේ වැඩපිළිවෙළවල් ගොඩාක් එනවා. ඒ නිසා අපි ජන ජීවිතය සංවර්ධනය කරන්න විවිධ සංවර්ධන ව්‍යාපෘති මේ ඉදිරි අවුරුදු දෙක තුන හතරට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.”

නි. ඇමති ටී. බී. සරත් මේ බව පැවසුවේ ඊයේ (26) පැවති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *