ආණ්ඩුව මහජන බදු මුදල් වැය කරමින් පෞද්ගලික වතු සමාගම් කම්කරුවන්ට වැටුප් ගෙවීමට සූදානම් වෙමින් ඇතැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.
සමස්ත රට වැසියාට අසීමිත ලෙස බදු පනවමින් එම මුදල් කෝටි ගණන් ලාභ උපයන සමාගම් කම්කරුවන්ට ලබා දීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ආණ්ඩුව සිය මැතිවරණ පොරොන්දු ඉටුු කිරීමට කළ යුත්තේ සමාගම් ලවා අදාළ වැටුප සේවකයන්ට ලබා දීම බව ද එසේ නොහැකි නම් ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබා දිය යුතු නැති බව ද මහින්ද පතිරණ පෙන්වා දෙයි.
වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති වුව ද ඒ සඳහා රටේ ජනතාගෙන් ලබා ගන්නා බදු මුදල් යෙදවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.