ජාතික ජන බලවේගයට බලය ලැබෙන විට රටේ පාස්පෝට් තිබුණේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එහෙත් ඇමැති විජිත හේරත් මහතා මැදිහත්ව අදාළ සමාගම් සමඟ කඩිනමින් සාකච්ඡා කර පාස්පෝර්ට් තොගයක් ලංකාවට ගෙන ආ බවත් ඒ මහතා සඳහන් කරයි.
ඒ අනුව අද වන විට පාස්පෝට් පෝලිම් නැති වී සඟරාවක් වගේ ලස්සන පාස්පෝට් එකක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියි.
මෙවර මහා මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට කිසිදු තරගයක් නොමැති බව කියා සිටි ඒ මහතා රජය විසින් කිසිදු ලෙසක රාජ්ය බලය අවභාවිත නොකරන බවත් විරුද්ධ පක්ෂවලට පණ නොමැති හෙයින් මැතිවරණයක් තිබෙන බව හෝ පෙනෙන්නට නොමැති බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.