2025 වසරේ සෑම දින තුනකටම වරක් දිවයිනේ කුමන හෝ ස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරන පරිදි වසර තුළ වෙඩි තැබීම් 114ක් සිදුව තිබේ. එසේම සෑම දින හයකටම වරක් යම් පුද්ගලයෙක් ඝාතනය වී ඇත.
මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අවධාරණය කළේ පාතාළය කුමන පාලන කාලයක ආරම්භ වුව ද එහි අවසානය සිය ආණ්ඩුව සමයේ සිදුවන බවයි.