පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට කිසිදු ගොවියකු මෙතෙක් වී ලබා දී නැතැයි වී ගබඩා පාලකයෝ පවසති.
ලංකාපුර, දිඹුලාගල, වැලිකන්ද ආදී ප්‍රදේශ රැසක අස්වනු නෙළීම ආරම්භ වී ඇත.
රජය පසුගිය පෙබරවාරි මස 08 වැනි දින සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි වී ගබඩා 24 විවෘත කර ඇති අතර එදින සිට මේ වනතුරුත් වී අලෙවි මණ්ඩලයේ නිලධාරීහු සෑම ගබඩා ස්ථානයකම රැඳී සිටිති.
පසුව අප මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ඒ.ජී. නිමල් ඒකනායක මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ වනතෙක් කිසිදු වී ගබඩාවක් වෙත වී ඇටයක්වත් ලැබී නොමැති බවයි.
රජය නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 සහතික මිලක් නියම කළ ද රජයට වී මිලදී ගැනීමේ දී ඒම අස්වනු සඳහා 14 තෙතමනයක් බැලීමත් සමග ගොවින් අස්වනු වේලා ගැනීමට වැය වන ශ්‍රම වියදම සහ විවිධ හේතුන් මුල් කර ගනිමින් අස්වනු නෙලූ විගසම ගොවී බිම තුළදීම පෞද්ගලික වී මුදලාලින්ට රුපියල් 105-115 වැනි මුදලට සිය අස්වනු අලෙවි කිරීමට පෙළඹී ඇත.
මෙලෙස වී අලෙව් කළ ගොවියෙකු මාධ්‍ය වෙත මෙසේ පවසා තිබිණි.
“මේ තියෙන වැස්සේ වී වේළන්නත් බෑ. වේළන්න ගියත් කුලියට ගන්න පුද්ගලයාට දවසේ වැටුප, කන්න දෙන්න යන වියදම කියන ඔක්කොම බැලුවම ලොරිවලට 115ට වී දෙන ඒක වාසියි.
තෙතමනයක් බලන්නෙත් නෑ උර දෙන්න ඕනෙත් නෑ. කුඹුරටම ඇවිත් වී ටික පටවාගෙන සල්ලිත් එවෙලෙම දීලයි යන්නේ. ඒක බොහොම වාසියි. කෑමට තියා ගන්න ටික විතරයි අපිට වේළගන්න තියෙන්නේ.