පොහොර සහනාධාරේ චුට්ටක් ප්‍රමාදයි… වරද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ…! – ජනපති…

April 27, 2025 at 11:32 am | by emanisa.lk

මෙවර කන්නය සඳහා වන පොහොර සහනාධාරය ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවූයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන සකස් කිරීමට අසමත් වීම නිසා යයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

යල කන්නය සඳහා පොහොර සහනාධාරයට අවශ්‍ය මුදල් මුළුමනින්ම වෙන්කර අවසන් බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

රටට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මෙවැනි ගැටලු මගහරවා ගැනීමට බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටිය අනුරාධපුර පැවති ජාතික ජනබලවේග ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *