පොහොට්ටු ආණ්ඩුව කළ වැරදි මාලිමාණ්ඩුව කළ යුතු නෑ…! – නාමල් රාජපක්ෂ….

March 27, 2025 at 6:13 pm | by emanisa.lk

සිය ආණ්ඩුව ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගත් දේශපාලන තීින්දු වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එම තීන්දුවල ප්‍රතිවිපාක සිය පක්ෂය අදටත් භූක්ති විඳින බවත් එම තීන්දු එදා නොගත්තේ නම් හොඳ යැයි යන ස්ථාවරයේ තමන් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

එහෙයින් ඉදිරියේ දී යම් පක්ෂයක් නිලධාරියෙකු පිළිබඳ තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු බලය පාවිච්චි කරන්නේ නම් තමන් එකඟ නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තම ආණ්ඩුව කළ වැරදි ඒ විදිහට වර්තමාන ආණ්ඩුව කරන්නේ නම් එය නිවැරදි නොවන බව ද නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *