පොහොට්ටුව බලහත්කාරෙන් ජනතාව දුප්පත් කළා…! – කබීර් හෂීම්…

May 16, 2023 at 2:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ උවමනාවෙන්ම ජනතාව දුප්පත් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදයට සහභාගීවෙමින් අද (16) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව කීය.

සමහරුන්ට රාජපක්ෂ ආණ්ඩුව දුප්පත්කමින් මිදෙන්න ඉඩ දුන්නේ නැති බව ද විශාල ආදායම් පරතරයක් ඇති කර තිබූ බව ද කබීර් හෂීම් සඳහන් කළේය.

2019 දී දරිද්‍රතා රේඛාවෙි 11% සිටි අතර මේ වන විට දරිද්‍රතා රේඛාවේ පිරිස 25 %ක් දක්වා වර්ධනය වී තිබෙන බව ද සහනාධාර ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලෝකයේ අඩුම සහනාධාර ලබා දෙන්නේ ලංකාව යැයි ද මන්ත්‍රීවරයා කීය.

ලංකාවෙි ලක්ෂ 55ක් පමණ දුප්පත් කොටසට වැටී තිබෙන බවද ගණනය නොකරන ලද දුප්පත් පිරිසක් අද රටේ සිටින බවද කබීර් හෂීම් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස