නිමල් ලන්සා ප්රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පත් කිරීමට තීරණය කර තිබේ.
දැනට මෙම කණ්ඩායම සමඟ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීන් 40 ක් පමණ සිටින බව වාර්තා වෙයි.
මෙම පිරිස ඉදිරියේදී රැස්වී නිල වශයෙන් සන්ධානගත වීමට අපේක්ෂා කරන අතර ඔවුන් ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙනු ඇතැයි ද සඳහන්ය.