එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කරයි.
පොදුජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද (30) රැස්වූ අවස්ථාවේ මෙම තීණ්දුව ගෙන තිබේ.
එහි දී එස්.එම්. චන්ද්‍රසේන කමිටුවෙන් විමසා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන්නේ ද නැද්ද යන්නයි.
දිස්ත්‍රික් කමිටුවේ බහුතරයක් එහි දී අත ඔසවා රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර පොදුජන පෙරමුණු සිය ගමේ පාක්ෂිකයන්ගේ මතයට සවන් දෙමින් ඊයේ ගත් සිය තීන්දුව නැවත සලකා බලා බැලිය යුතු බව එස්.එම්. චන්ද්‍රසේන එහි දී කියා සිටියේය.