පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකයට අමතරව අදාළ ග්‍රාම නිලධාරි වසමේ සිවිල් ආරක්ෂක කමිටු (මහජන ආරක්ෂණ කමිටුව) සභාපතිවරයාගෙන් චරිත සහතිකයක් ලබාගත යුතු බවට පොලිසිය විසින් දැනුම්දී ඇතැයි ග්‍රාම නිලධාරීහු පවසති.
නව රජය බලයට පත්වීමෙන් පසුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම සිවිල් ආරක්ෂක කමිටු අලුතින් පිහිටුවන ලද අතර ඒ සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ද සහභාගි වූහ.
ඒ අනුව පොලිස් වාර්තා ලබාගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබාගන්නා ලෙස ග්‍රාම නිලධාරින් විසින් සිය ප්‍රදේශයේ මහ ජනතාව මේ වන විට දැනුම් දී තිබේ.