පොලිස් නිලධාරීන්ට ඕනම තැනක මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න පුළුවන්…මං එදා කීවෙත් ඒකමයි…! – ඇමති සුනිල් වටගල…

March 30, 2026 at 3:05 pm | by emanisa.lk

නිසි බලයක් සහිතව ඕනෑම පොලිස් බල ප්‍ර දේශයකට ඇතුළු වී මෙහෙයුම් කිරීමට පොලිසියට නෛතික බලයක් ඇතැයි මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.

එහෙත් තමන් සඳහන් කළ අවස්ථාවේ සිදුකළ වැටලීමේදී සැබෑ මත්ද්‍රව්‍ය ප්‍රමාණය වෙනුවට වෙනත් ප්‍රමාණයක් සහ සැබෑ සැකකාරිය වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් කර ඇත්නම් ඊට එරෙහිව තමන්ට ක්‍රියාත්මක වීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

මේ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් නොකර පැමිණ ඇත්තේ අවංකත්වය පෙන්වා සිය වංක අරමුණ මුදුන්පමුනුවා ගැනීමට බවද සුනිල් වටගල අවධාරණය කරයි. මේ වන විට සැබෑ විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *