පොලිස්පති සම්බන්ධ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව බල රහිත කළ යුතුයි…! – අගමැති…

July 26, 2024 at 10:34 am | by emanisa.lk

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව මගින් දැනට පවතින පොලිස්පති ධූරය හිස් නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.

“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බල රහිත කළ යුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.”

ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව කී අගමැතිවරයා පොලිස්පතිවරයෙකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිවකුටත් නොහැකි බව ද සඳහන් කළේය.

පොලිස්පති ධූරයේ කටයුතු තහනම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැතැයිද අගමැති දිනේෂ් ගුණවර්ධණ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *