පොලිස්පති පාතාල ප්‍රකාශය ගැන ජගත්ට කනගාටුව ප්‍රකාශ කරයි…!

October 31, 2025 at 6:09 pm | by emanisa.lk

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තමන් පිළිබඳ සිදුකළ ප්‍රකාශය ගැන කනගාටුව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (31) පාර්ලිමේන්තුවේ දී පොලිස්පතිවරයා සමග කතානායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කණ්ඩායම් කිහිපයකින්ම තමන්ට මරණ තර්ජන ඇති බවත් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන බවත් පොලිස්පතිවරයා සඳහන් කළ බව ද ජගත් විතාන පවසයි.

එසේම ආරක්ෂාව ඉල්ලා සිටින සියලුම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කතානායකවරයා සහ පොලිස්පතිවරයා එහි දී එකඟ වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *