පොලිස්පති ගැටලුව කතානායක – අගවිනිසුරු වහා විසඳිය යුතුයි…! – ජනපති…

July 28, 2024 at 8:17 pm | by emanisa.lk

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර වහාම විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධීකරණයට ව්‍යවස්ථාදායකය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායක සභාව දුන් තීන්දුවක් පිළිබඳ නඩු විමසිය නොහැකි බව කතානායකවරයා දැනුම් දී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ව්‍යවස්ථානුකූලව ඒ සඳහා උවමනා පොලිස් බලය මැතිවරණ කොමිසමට ලබා ගත හැක්කේ පොලිස්පතිවරයා මගින් පමණක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එය මේ සතිය ඇතුළත මැතිවරණ කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු අතර එසේ නොකළහොත් එම පහසුකම් ලබා දිය නොහැකි බවත් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා කතානායකවරයා සහ අග විනිසුරුවරයා සාකච්ඡා කොට සතියක් ඇතුළත මෙම ගැටලුව විසඳා දිය යුතු බව හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *