පොලිස්පතිට යළිත් සේවා දිගුවක්…!

May 7, 2023 at 9:22 am | by emanisa.lk

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිල කාලය නැවත වාරයක් දීර්ඝ කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයාට පසුගිය මාර්තු මස 26 වැනිදා සිට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය. ඔහුට ලබා දී ඇති මාස තුනක සේවා දීර්ඝය හමාර වන්නේ ජුනි මස 26 වැනිදාය.

ඔහුගේ සේවය නැවත වරක් දීර්ඝ කෙරෙනු ඇත්තේ මෙම තනතුර අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවකට අදාළ නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය නොවීම හේතුවෙනි.

ඒ අනුව වත්මන් පොලිස්පතිවරයාට ලබන වසර තෙක් සේවා දීර්ඝ කිරීමක් ලැබෙනු ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස