මෙරට ප්‍රධාන පෙළේ දේවාල සහ කෝවිල්වල පොල් ගැසීම නවතා දමා ඇති බව වාර්තා වෙයි.
ඒවා වැඳ පුදා ගැනීමට එන බොහෝ බැතිමතුන් පූජා වට්ටිවල පවා පොල් ගෙඩියක් නොතබන තත්වයකට පත්ව ඇත.
පවතින දැඩි පොල් හිගය හා මිල හේතුවෙන් බැතිමතුන් පොල් ගැසීම සහ පූජා වට්ටිවල පොල් පූජා කිරීම සීමා කර ඇත.
පොල් ගෙඩියක් සහිත පූජා වට්ටිවල මිල ද අධික ලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් බැතිමතුන් පොල් වෙනුවට තැඹිලි භාවිතයට ද නැඹුරු වී තිබේ.