පොල් ගෙඩියක් සතොස ඔස්සේ රු. 130ක මුදලකට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
රජයේ පොල් සම්බන්ධ ආයතන කැඳවා ඒ සඳහා උපදෙස් දුන් බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව රජයේ වතුවල පොල් නිෂ්පාදන වෙන්දේසි නොකර තදාසන්න නගරවල සතොස මගින් ජනතාවට අලෙවි කිරීමට කටයුතු කරන බව ද ඔහු අනාවරණය කරයි.
එමගින් පාරිභෝගික ජනතාව කොල්ලකෑම වළක්වමින් වෙළඳපොලේ පොල් සුලබතාව ඇති කරන බව ද වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
අද (04) පාර්ලිමේන්තුව අමතමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.