පොරොන්දු වූ විදිහට විදුලි බිල 35%කින් අඩු කරනු….!

October 29, 2024 at 9:35 am | by emanisa.lk

විදුලි බිල 4-11%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 6.6%ක් පමණ වෙයි.
එහෙත් විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනනේ මෙවර සියයට 30ත් 35ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ගත වු මාස 9ක කාලය තුළ බිලියන 132කට අධික ලාභයක් ලබා ඇති බැවින් විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංජීව ධම්මික මහතා පැවසීය.
ජනාධිපතිවරණයට පෙර වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම නලින්ද ජයතිස්ස ද ප්‍රකාශ කළේ විදුලි බිල 1/3කින් අඩු කළ හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *