පොරොත්තු ලේඛන සිස්ටම් එකත් චේන්ජ්… රජයේ රෝහලේ ශල්‍යකර්මවලට මාලිමා මන්ත්‍රීගෙන් ලිපි…!

February 4, 2026 at 4:35 pm | by emanisa.lk

කරාපිටිය ශික්ෂණ රෝහලේ විකලංග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යොමු කළ ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

පසුගිය පෙබරවාරී 01 වෙනිදා ලියා ඇති එම ලිපියෙන් මන්ත්‍රීවරයා දන්වා ඇත්තේ ජනවාරි 31 වෙනිදා තමන් ලබා දුන් දුරකතන ඇමතුමට අනුව අදාළ ලිපිය යොමු කරන බවයි.

ඒ අනුව එම ලිපිය රැගෙන එන සහෝදරයාට අදාළ ශල්‍යකර්මය සිදුකර දෙන මෙන් නිහාල් ගලප්පත්ති අදාළ වෛද්‍යවරයාට දැනුම් දී තිබේ.

රජයේ රෝහලක කිසිවෙකුට ශල්‍ය කර්මයක් සිදුකළ යුතු නම් බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර ඇතැම් විට එය අවුරුදු ගණනක් විය හැකිය.

ඇතැම් රෝගීන් පොරොත්තු ලේඛනවල සිටිය දී මිය යන අවස්ථාද ඇති නමුත් මෙවැනි ලිපි ලබා දෙන්නේ එම පොරොත්තු ලේඛනවල නොසිට ඉක්මනින් සිය සැත්කම සිදුකර ගැනීම සඳහාය.

මෙම ලිපියෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ මෙතෙක් කිසිවෙකු ප්‍රකාශයක් සිදුකර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *