පොදු දේපළ අවභාවිතයක් වන්නේ අරමුණ සහ ප්‍රමාණය මතයි….! – ලක්මාලි හේමචන්ද්‍ර…

September 8, 2025 at 1:40 pm | by Namal

පොදු දේපල අවභාවිත කිරීමේ චෝදනා එල්ල වන්නේ, අදාළ දේපල භාවිත කිරීමේ අරමුණ සහ එහි ප්‍රමාණය මත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලී හේමචන්ද්‍ර පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, ජනාධිපති අනුර දිසානායක සිය මව බැලීමට යාම පොදු දේපල අවභාවිතාවක් බවට විපක්ෂ මන්ත්‍රීවරුන් එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.

ජාතික රූපවාහිනියේ පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ, යම් පොදු දේපලක් භාවිත කරන ලද ප්‍රමාණය, එහි භාවිතයේ අරමුණට සාධාරණ ද යන්නද එවැනි චෝදනාවක් එල්ල වීමට බලපාන බවයි.

ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව, යහපැවැත්ම සහ නිල කටයුතු සඳහා පොදු දේපල භාවිත කිරීමට සිදුවන බවත්, එම භාවිතය පුද්ගලික කටයුත්තකට වඩා රාජ්‍ය වගකීමක් හා සම්බන්ධ බවත් ඇය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *