ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා වර්තමානයේ නිර්මාණය වී ඇති අධික Negative වාතාවරණය පාලනය කිරීමට රජය හෝ මැදිහත් විය යුතු කාලය එළඹ ඇති බව ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්තය සමග පැවති තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කරයි.
ක්‍රීඩකයන්ට එල්ල වන බාහිර බලපෑම් සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායකයා, තරග පරාජයකින් පසු විශාල පිරිසක් මයික්‍රෆෝන අල්ලාගෙන සිටින්නේ ඇයි “ඇයි negativity එක මෙච්චර පතුරවන්නේ?” ඇයි යනුවෙන් විමසා සිටියේය.
“ක්‍රීඩකයන් විදිහට අපිට outside noise එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ක්‍රීඩකයෝ විදිහට අපි කොච්චර positive හිටියත්, එළියෙන් ගොඩක් තැන්වල නෙගටිව් පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා,” යැයි ඔහු පැවසීය.
තරගාවලියකදී සිදුවන පරාජයන් පිළිබඳව සාකච්ඡා කර ඒවා නිවැරදි කරගන්නවා වෙනුවට, සෘණාත්මක දේ පැතිරවීම ඉදිරියට පැමිණ ඇති බවටද ඔහු චෝදනා කළේය. අනාගතයේදී කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන්ගේ Mental Health වෙනුවෙන් හෝ මෙම තත්ත්වය පාලනය කළ යුතු බව දසුන් ශානක අවධාරණය කළේය.