පෙබරවාරි 09 වෙනිදා සිදු වූ විදුලි බල බිඳ වැටීම කුමන්ත්‍රණයක් බව හිටපු විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එය නොවැම්බර් මස සිට දියත් කළ පැහැදිලි කුමන්ත්‍රණයක් බවත් ඉන් රටට සිදු වූ පාඩුව රු. කෝටි 600කට වැඩි බවත් හෙතෙම අවධාරණය කරයි.
එදින සිට අවලංගු කරන ලද පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ප්‍රමාණය කෙතරම්දැයි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසුව ද ඊට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ඒවා කැරම් බෝඩ් වැනි ප්‍රශ්න නොව එවැනි දහස් ගුණයක් දැවැන්ත ප්‍රශ්න බව ද පාඨලී චම්පික ප්‍රකාශ කරයි.
කන්ටේනර් 323 මෙන්ම මෙම ප්‍රශ්න ද කෙදිනක හෝ නැවත මතු වන බව ද හෙතෙම සඳහන් කරයි.
හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.