පෙට්‍රල් 5000ට ගියත් අපි මාලිමාවට….! – රාජාංගනේ සද්දාරතන හිමි…

March 27, 2026 at 3:54 pm | by emanisa.lk

තෙල් මිල රුපියල් 5000 දක්වා ඉහළ ගියද, තමන් ජාතික ජන බලවේගයට ලබා දෙන සහය කිසිසේත් අකුළා නොගන්නා බව රාජාංගනේ සද්දාරතන හිමි පවසයි.

තමන් දේශපාලනය කරන්නේ ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් සමඟ “සෙල්ෆි” ගැසීමට හෝ පෞද්ගලික වරදාන ලබා ගැනීමට හෝ නොවන බවත්, රජයෙන් ඇල්වතුර වීදුරුවක් පවා බලාපොරොත්තු නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මාලිමාවට සහය දුන්නද, රජය නිසි ලෙස රට ගොඩනැගීමට කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට ද විවේචන එල්ල කරන බව සද්දාරතන හිමියන් පවසති. දූෂිත කණ්ඩායම්වලට යළිත් මේ රට අපායක් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

රාජාංගනේ සද්දාරතන හිමි වීඩියෝවක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *