පූර්ණ කාලීනව දේශපාලනය කරනවා නම් ඔහු දූෂිතයෙක් බවට පත්වන බව සර්වජන බලවේගයේ සභාපති රොෂාන් රණසිංහ පවසයි.
හොරකම් කිරීමකින් තොරව පූර්ණ කාලීන දේශපාලනය කිරීම ගැටලු සහගත බවත්, හොරකම් නොකරන්නේ නම්, කප්පම් ගැනීම, අල්ලස් ගැනීම හෝ පවුලෙන් උරුම වූ අසීමිත දේපළක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ නොමැතිව පූර්ණ කාලීනව දේශපාලනය සිදුකළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කරයි.
රට බලාපොරොත්තු වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදූෂිත දේශපාලන වැඩපිළිවෙළක් නම්, එය ගොඩනැගිය යුත්තේ ‘සර්වජන බලවේගය’ විසින් බව ද රොෂාන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.