තංගල්ලෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 700කට අධික තොගය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති පුවක්දණ්ඩාවේ සනා සමග ජාතික ජන බලවේගයේ නායකයින්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.
“ඔය අත් අඩංගුවට පත්වෙච්ච පුවක්දණ්ඩාවේ සනා කියන පුද්ගලයා ජාතික ජන බලවේගයට සම්බන්ධයක් තියෙනවා, ජනාධිපතිවරයා ඇවිල්ලා කෑම බීම ගත්තා, රැස්වීම්වලට සම්බන්ධ වුණා කියන එක, මේ කියපු කෙනා දිහා බලන්නකො. පහුගිය කාලෙ ලොන්ඩරි වැඩේ කරලා, ඩෝබි වැඩේ කරලා, අශූචි වළක ලැගලා ඉඳගෙන හොඳටම දන්නවා ගඳයි කියන එක හැබැයි රසයි කියලා කන කෙනෙක් මේ කතාව කිව්වෙ.
ජාතික ජන බලවේගයට මේ කියන පුද්ගලයාත් එක්ක කිසි සම්බන්ධයක් නෑ. ඒ වගේම තමයි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මේ දිස්ත්‍රික්කෙට ආපු වෙලාවේ ඒ නිවසෙන් කෑවා බිව්වා කියන කතන්දරයක් එයා ප්‍රකාශ කරනවා, අපි වගකීමෙන් කියනවා කිසිසේත්ම ඒ නිවසට ගිහිල්ලා නෑ. අපේ කිසිදු නායකයෙක් ඒ ගෙදරට ගිහිල්ලා නෑ. කිසිම දේශපාලන සම්බන්ධතාවයක් නැති තැනක්.
ඒක නිසා මම විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා මොහුව අත් අඩංගුවට අරගෙන වහාම කට උත්තරයක් ගන්න, පරීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරයා හෝ ජාතික ජන බලවේගයේ නායකයෙක් ඒ නිවසට ගියාද, කෑම ගත්තා ද, මොන දවසෙ ද, කොයි වෙලාවෙද කියන එක හරි පැහැදිලිව රටට කියන්න ඕනෙ.”
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මේ බව පැවසුවේ ඊයේ (03) හම්බන්තොටදී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.