මඩකලපුව ප්‍ර දේශයේ පුරාවිද්‍යා භූමි සලකුණු කිරීම සඳහා සවි කළ පුවරු කිසියම් පිරිසක් ගලවා රැගෙන ගොස් ඇතැයි වාර්තා වන බව ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි දෙකක් යොමු කර ඇති බවත් ඇමති ආනන්ද විජේපාල වහාම විමර්ශන සිදුකර වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස පොලිසියට නියෝග කර ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් මෙම ක්‍රියා කිසියම් පිරිසකගේ දේශපාලන අවශ්‍යතා අනුව සිදුකරන අතර එය ජනතාවගේ අවශ්‍යතාව නොවන බවත් ඇමති සුනිල් සෙනෙවි අවධාරණය කරයි.
කිසිවෙකු කලබල විය යුතු නැති බවත් රජය පත්ව ඇත්තේ බුදු සසුන සහ පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට බවත් වහාම නීතිය ක්‍රියාත්මක කර අදාළ පියවර ගන්නා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමි පහක සවි කර තිබූ නාම පුවරු ගලවා ප්‍රාදේශීය සභා කුණු ලොරියක පටවා ගෙන යෑම පිළිබඳ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.