ක්‍රමානුකූල ප්‍රතිපත්තිමය වෙනසක් මගින් රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කරයි.
සිරස රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
වසර හැත්තෑ හයක් තිස්සේ පරිහානියට පත් වූ රටක් ක්ෂණිකව යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත්, අබලන් වූ විශාල නෞකාවක් ක්ෂණිකව හැරවීම කඵ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම සමස්ත දේශපාලන හා ආර්ථික පරිවර්තනය සම්පූර්ණ කර පුනරුද යුගයක් කරා ළඟා වීමට වසර පහළොවක්, විස්සක්, විසිපහක් හෝ තිස්පහක් වැනි කාලයක් ගත විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, දැනටමත් එහි ආරම්භය ලබාගෙන ඇති බවත්, ක්‍රමානුකූලව රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිපත්තිමය කටයුතු ආරම්භ කර ඇති බවත් චතුරංග අබේසිංහ අවධාරණය කළේය.