පසුගිය ආණ්ඩු කාල සීමාව තුළ දී රජයේ ඇමතිවරුන් විසින් භාවිත කරන ලද නිල නිවාස වත්මන් රජය විසින් වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවීම හේතුවෙන් ඒවා ජරාවාස වෙමින් වවුලන්ගේ වාසස්ථාන බවට පත්ව ඇතැයි වාර්තා වේ.
ඇමති නිල නිවාසවලට අමතරව පසුගිය කාලයේ දී වසා දමා තිබූ රජයේ නිලධාරීන් විසින් පාවිච්චි කරන ලද ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති නිල නිවාස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණයක් ගනු ඇති බවයි.
දැනට කොළඹ නගරයේ ඇමැති නිල නිවාස 55 ක් පවතින අතර එම නිවාස ලබාදෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වේ.