පුංචි වැඩකරන ආණ්ඩුවේ යෝධයා ලාල්කාන්ත…. රජුන්ටත් බැරිවුණ යෝධ වැඩ එතුමා කරනවා..!

January 29, 2026 at 3:44 pm | by emanisa.lk

සමස්ත ආණ්ඩුව පුංචි වැඩ කරන අතර ඇමති කේ.ඩී. ලාල් කාන්ත යෝධ වැඩ කරමින් ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

“මේ ආණ්ඩුව පුංචි වැඩ කරන බව මම කිව්වට ලාල් කාන්ත මහත්තයා කරන්නේ යෝධ වැඩ. මේ රටේ අස්වැන්නෙන් 40%ක් විතර දඬුලේනුන්, උරෝ, වඳුරෝ, මොනරු නිසා නැති වුණා. දශක ගාණක් තිබ්බ ගැටලුව ලාල් කාන්ත ඇමතිතුමා ඒක අවුරුද්දෙන් විසඳුවා. සංගණනයක් කරලා ඒ ප්‍රශ්නේ විසඳලා ආහාර මිල ගණන් අඩු වෙලා.

ඊට පස්සේ රටේ තියෙන 3000ක් විතර වැව් තාවුලු අල්ල ගෙන කාලාන්තරයක් තිස්සේ ලස්සන හොටෙල් ගහලා තිබුණා. එතුමා එක නිවේදනයයි ගැහුවේ ස්වේච්ඡාවෙන් අයින් කරගත්තා. ඒ වගේ යෝධ වැඩ කළ කෙනෙක් ඉතිහාසෙට එකතු වෙන්න ඕන.

දිට්වා කුණාටුව වෙලාවේ පොල්ගොල්ල දත්ත මධ්‍යස්ථානයෙන් ජලාශ උතුරන්න යනවා ජලය මුදා හරින්න කියලා අනතුරු ඇඟවීම් කිහිපයක් කළා. නමුත් එතුමා තීන්දුවක් අරගෙන මහවැලි ගඟ ස්වභාවික තත්ත්වයට පත්කළා.

සියලු අනවසර ඉදිකිරීම්, ගුහාගොඩ දැවැන්ත කුණු කන්ද, ඒ වටේ හිටි අයත් එක්කම සුද්ද කරලා දැම්මා. ඇත්තටම ඉතිහාසයේ රජ කෙනෙකුටවත් මහවැලි ගඟ සුද්ද කරන්න බැරිවුණා. මිනිස්සු මැරුණා, දේපොළ හානිවුණා. ඒක වෙනම ප්‍රශ්නයක්. ලෙඩා මළත් බඩ සුද්දයි කියලා ගඟ සුද්ද වුණානෙ.”

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *