පුංචි ඡන්දේ 2024 පැවැත් වෙන බව ජනපති දැනුම් දෙයි..! එජාප අපේක්ෂකයින් ප්‍රචාරක කටයුතු අත හරී…!

February 18, 2023 at 2:12 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය 2024 දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදු වනු ඇති බව එක්සත් ජාතික පක්ශ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අභයවර්ධන පවසයි.

ඒ, 2023 පළාත් පාලන මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බව දැනුම් දිම නිසාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප කළමනාකරණ කමිටුවට මේ පිළිබඳ දැනුම් දී ඇති බව ද වජිර අබේවර්ධන සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සභිකයින් ගණන 50% කින් අඩුකර නව සීමා නිර්නය වාර්තා නිර්දේශයන්ට අනුව 2024 වසරේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කර දිය හැකි බව ද ජනාධිපතිවරයා පැවසු බව මන්ත්‍රිවරයා පවසා තිබේ.

2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බාරගත් නාමයෝජනා අවලංගු වීමේ හැකියාව වැඩි නිසා මැතිවරන ප්‍රචාරණ කටයුතු නතර කිරිම වඩා යෝග්‍ය බව ද මන්ත්‍රිවරයා පෙන්වා දී ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (17) ගාල්ල මහා නගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැති ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප පළාත් පාලන මැතිවරණ අපේක්ෂක හමුව අමතමින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *