ඉකුත් 2023 පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා පත්‍ර යටතේ ඉදිරියේදී එම ඡන්ද විමසීම පැවැත්වීම දේශපාලන පක්ෂවලට දැඩි අර්බුදයක්ව ඇතැයි වාර්තා වෙයි.
එම නාමයෝජනා පත්‍ර යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයන් පක්ෂ හැරගොස් ජනාධිපතිවරණයේදී වෙනත් ජනපති අපේක්ෂකයන්ට සහාය දීමට එක්වීම නිසා පක්ෂවල අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වීම අර්බුදයකට හේතු වී තිබේ.
පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළ අතර ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන මැතිවරණය පවත්වන බව කොමිසම සඳහන් කරයි.
කැඳවූ නාමයෝජනා පත්‍ර අවලංගු කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ නමුත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුණි. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නාමයෝජනා පත්‍ර අවලංගු කර අලුතෙන් කැඳවීමක් කිරීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති බව දේශපාලන පක්ෂ සඳහන් කරයි.
යම් හෙයකින් අලුතින් නාම යෝජනා පත්‍ර කැඳවීමට නම් පනත් සංශෝධනයක් මඟින් පාර්ලිමේන්තුව පැරණි නාම යෝජනා පත්‍ර අවලංගු කළ යුතු වේ.