පුංචි ආණ්ඩු හදන්න දිලිත්ගේ මන්ත්‍රීලා එකතු කර ගන්නවා…එනවා නම් දිලිතුත් ගන්නවා…! – ඇමති වසන්ත සමරසිංහ….

May 22, 2025 at 9:39 am | by emanisa.lk

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ පළාත් පාලන ආයතන සභිකයින් සමග ද ආණ්ඩුව සාකච්ඡා පවත්වමින් සිටින බව වෙළඳ, වාණිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“මේගොල්ලො දැන් මේ අඬවැඩියාව ගේන්නෙ නිකම් නෙවෙයි. දැන් ඒගොල්ලො ගහපු සැලසුම් ඔක්කොම අසාර්ථකයි. මුළු විපක්ෂයම එකතු කරලා පෙන්නුවා පළවෙනියාට වඩා ඒගොල්ලොන්ට කට්ටිය ඉන්නවා කියලා. හැබැයි දැන් ඒ විපක්ෂයේ එකතුවෙනවා කියලා හිතන් හිටපු, එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂය ලෙස ජාතික ජන බලවේගයට වැඩිය එළියෙන් හිටපු බොහෝ කණ්ඩායම් දැන් ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙන්න හදනවා.

ගෙවල් ගානෙ ගිහිල්ලා ඔබතුමන්ලාට බැරිවුණාට අපේ ඔෆිස්වලට ඇවිල්ලා ඒගොල්ලො එකතුවෙන්න අහන්නෙ ස්වාධීන කණ්ඩායම්. ඕගොල්ලො ගෙවල්වලට ගිහිල්ලා ගේන්න බැලුවාට අපේ ඔෆිස් එකට ඇවිල්ලා තමයි ඒගොල්ලො අහන්නෙ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා වැඩකරමු කියලා. කොළඹ මහ නගර සභාව හදන්න අපි වැඩකරමු කියලා.

ඔයාත් එනවාද ? දිලිතුත් ඕනෙ නම් එකතු කරගන්න. දිලිත් ඕනෙ නම් කතා කරන්න එන්න. දිලිත් මන්ත්‍රීතුමාගෙත් සමහර මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා. මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා මන්ත්‍රීතුමා. ඒ නිසා ඔබතුමා බලාගන්නකො හැදුවාට පස්සෙ වෙන්නෙ මොකද කියලා …”

ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *