පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානමින් සිටිති.
අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ ජනාධිපති කාර්යාලයේදීත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදීත් ජනාධිපති ලේකම්වරයා දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසු මෙම පියවර ගැනීමට තීරණය වී ඇත. අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂය දින පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් පසු පාර්ලිමේන්තුවේ නිල කාමරයක දී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිනියගේ කාලයේ සිට ආර්ථිකය මෙහෙයවා ඇතැයි කියන වත්මන් ජනාධිපති ලේකම්වරයා ආර්ථිකය බිඳ වැටීමටත් වගකිව යුතු බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරුන් ලබන සතියේ ජනාධිපතිවරයා හමු වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම්වරයා විවේචනය කිරීමෙන් පසු තමන් ධුරයෙන් ඉවත් වන බවද පී.බී. ජයසුන්දර සිය හිතවතුන් සමග ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි.
තව ද හිස් වන පුරප්පාඩුව සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර පත් කිරීමට නියමිත බව ද මාධ්‍ය වාර්තා විය. ඔහු මේ වන විට දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරයි. කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා තව දුරටත් තබා ගැනීම සඳහා ද ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට ද තවත් පිරිසක් සූදානම් වන බව ද කරුණු අනාවණය වෙයි.
aruna