පිළිකාකාරක මිරිස් කන්ටේනර් 120ක් වරායේ…නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් දැඩි බලපෑම්….ඒවා නිදහස් කරන තුරු අලුතින් මිරිස් නෑ…!

November 26, 2026 at 12:08 pm | by emanisa.lk

වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් බිලියන 3.5කට අධික වටිනාකමකින් යුත් නියමිත ප්‍රමිතියෙන් තොර වියළි මිරිස් කන්ටේනර් 120ක් නිදහස් කරන ලෙස බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.

නියමිත ප්‍රමාණයට වඩා තෙතමනෙයන් යුතු මෙම මිරිස් තොගයෙහි පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් ඇතැයි සැකපිට මෙලෙස මාස දෙකකට ආසන්න කාලයක් කොළඹ වරායේ රේගු භාරයේ රඳවා ගෙන තිබේ. ඉන්දියාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වය නිසා වියළි මිරිස් නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය කිරීමේ ගැටලු මතුව ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර අදාළ මිරිස් තොගය නිදහස් කර ගැනීම සඳහා කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ගෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැඩි දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැයි බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ පවසයි. එම මිරිස් තොග නිදහස් කරන තුරු නැවත ශ්‍රී ලංකාවට මිරිස් නොයැවීමට ඉන්දියානු මිරිස් අපයනයකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ දැඩි මිරිස් හිඟයක් උද්ගතව ඇති අතර අතවශ්‍ය භාණ්ඩ අපනයනකරුවන් රජයෙන් ඉල්ලා ඇත්තේ අදාළ මිරිස් තොග විනාශ වීමට පෙර කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස