පිල්ලෙයාන් සහ කරුණා කොහොමටවත් විශ්වාස කරන්න බෑ…! – මෛත්‍රීපාල සිරිසේන…

April 19, 2025 at 7:32 pm | by emanisa.lk

පිල්ලෙයාන් සහ කරුණා යන පුද්ගලයන් දෙදෙනා කිසිසේත්ම විශ්වාසය තැබිය හැකි අය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් යන දෙදෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරු යටතේ ඇමති ධූර දැරූ අතර ඒ සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

කරුණා සහ පිල්ලෙයාන් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධව සිටිය දී ඔවුන් සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජනවර්ගයන්ට එරෙහිව කටයුතු කර තිබෙන බව පවසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔවුන් දෙදෙනා විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඕනෑම මොහොතක පැමිණ තමන්ට වුවද වෙඩි තැබිය හැකි බව ද පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ. හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *