විශාල අපරාධ ප්‍රමාණයක් සිදුකළ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මුදා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා බවට උදය ගම්මන්පිල පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මීට පෙර උපරිම සිංහල බෞද්ධයෙකු ලෙස පෙනී සිටි බව ද ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කරයි.
එදා ජාතිවාදය වැපිරූ ඔහු කලබල වී ඇත්තේ මේ රටේ අපරාධ හුදෙකලා සිදුවීම් නොවන අතර ඒ පිටුපස දේශපාලනය ඇති බව ද සිල්වා සඳහන් කරයි.
උදය ගම්මන්පිල කිසි දිනක නඩු කතා කර නොමැති බවත් ඔහුගේ පළමු නඩුව පිල්ලෙයාන්ගේ නඩුව බවත් හෙතෙම අවධාරණය කරයි.