පිල්ලෙයාන්ට මනම්පේරිට ගහන ඩීඕ පුවක්දණ්ඩාවේ සනාට නැත්තේ ඇයි….සනා දෙවි කෙනෙක් ද…! – නාමල්…

October 24, 2025 at 10:14 am | by emanisa.lk

අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට රඳවා ගැනීමේ නියෝග දැඩිව ක්‍රියාත්මක කරන නමුත්, තවත් පාර්ශ්වයන්ට එසේ නොවීම ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු ප්‍රශ්න කර සිටියේ පිල්ලෙයාන්ට-මනම්පේරිට රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගන්නා නමුත්, පුවක්දණ්ඩාවේ සනාට එම නියෝග ලබා නොගන්නා බවයි. සනා දෙවි කෙනෙක් දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

තමන්ටද දරුවන් සිටින බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමෙහි ඇති වැදගත්කම පිළිගන්නා නමුත්, ආණ්ඩුව එම ක්‍රියාදාමය දියත් කරන ආකාරය ගැටළු සහගත බව ද නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබුණ ද, ඔහුට නිසි ආරක්ෂාවක් සැපයීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

ඊයේ ( 23) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *