පිය-පුතු දේශපාලනයේ සමාජ ආදර්ශය අපි පෙන්වනවා…! – චතුරංග අබේසිංහ…

November 17, 2024 at 9:21 am | by emanisa.lk

පිය පුතු දේශපාලනය සමාජ අරමුණකට යොමුකර සමාජය යහපත් කිරීමේ කාර්යභාරයට දායකත්වය දෙන ආකාරය තමන් සහ තම පියා විසින් ආදර්ශයෙන් පෙන්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසයි.

“තරුණයො විදියට අවුරුදු පහකට කලින් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා, අපි එකට අරගල කරලා, ඒ හැඟීම කියලා නිම කරන්න බැහැ. අපි ඒක නෛතික වශයෙන් අද තහවුරු කරලා තියෙනවා.

අපේ තාත්තාගෙ දේශපාලනය තාත්තාට, මගේ දේශපාලනය මට. ඉතින් කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහුත් මේ වෙනකොට පත්වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. ඉතින් අපි ආදර්ශයෙන් පෙන්වන්නම් පිය – පුතු දේශපාලනය වුණත් සමාජ අරමුණකට, පොදු අරමුණකට කොහොමද යොමුකරලා. මේ සමාජය යහපත් කරන කාර්යභාරයට අපේ දායකත්වය, ඔහුගේ දායකත්වය, මගේ දායකත්වය දෙන්නේ කියලා.”

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා 15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *