පිටසක්වල ජීවීන් ගොඩබසින දහයියාගල සංචාරක මධ්‍යස්ථානයක් හදනවා…! – නි. ඇමති ටී.බී. සරත්…

March 23, 2025 at 2:50 pm | by emanisa.lk

පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩබසින ජනප්‍රියම ස්ථානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දහයියාගල කඳුගැටය බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

එය මාදුරුඔය ජලාශයට දකුණු පසින් දිඹුලාගල පිහිටා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එම ස්ථානය ලොව විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කළ හැකි බව ද නි. ඇමතිවරයා සඳහන් කරයි.

මෙම ස්ථානයට පිටසක්වළ ජීවීන් ගොඩබසින බවට ලෝකයට ගිය පණිවිඩයක් ඇති බවත් එය පෝෂණය කළ යුතු බවත් ටී. බී. සරත් අවධාරණය කරයි.

පසුගියදා (19) ජාතික රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් නි. ඇමතිවරයා මේ බව කීය.

ඒ, ජනාධිපති අනුර දිසානායක ඉදිරිපත් කළ දේශීය සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අයවැය යෝජනාව පිළිබඳ අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *